දිගටම ධුරයේ ඉන්න යුක්රේන ජනාධිපති සැරැසෙයි



යුක්රේන ජනාධිපතිවරණය ලබන අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිත අතර තවත් වරක් ජනාධිපති ධුරය වෙනුවෙන් තරග වැදීමට තමන් සූදානම් බව යුක්රේනයේ වත්මන් ජනාධිපති පේත්‍රෝ පෙරෂෙන්කෝ කියයි.

53 හැවිරිදි පේත්‍රෝ පොරෂෙන්කෝ බටහිර හිතවාදියෙකි. පොරෂෙන්කෝ කෝටිපති ව්‍යාපාරිකයකු ද වෙයි. 2024 දී යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු කිරීමේ අරමුණින්, ජනාධිපති පොරෂෙන්කෝ අයැදුම්පතක් පවා යුරෝපා සංගමයට ඉදිරිපත් කර තිබේ.

කීව්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS