දැවැන්ත පෙරහුරුවකට සැරැසෙයි



හමුදා සොල්දාදුවන් ලක්ෂ තුනක් සහ ගුවන් යානා ඇතුළු යුදෝපාකරණ දහසක් ඇතුළත් අති දැවැන්ත හමුදා පෙරහුරුවකට රුසියාව සූදානම් වෙයි.

1980 දශකයේ පැවැති ඇමෙරිකාව සහ සෝවියට් දේශය අතර පැවැති නිරවි යුද්ධයෙන් පසු රුසියාව මැදිහත් වී සිදු කරන දැවැන්තතම යුද අභ්‍යාසය මෙය යැයි ද පැවැසෙයි. යුද අභ්‍යාසය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් 11 සිට 25 තෙක් කාලයේය.

මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් ලබන මාසයේ පැවැත්වීමට නියමිත යැයි ද වාර්තා වේ. එම හමුව රුසියාවේ ව්ලැදිවොස්කෝව් නගරයේ පැවැත්වීමට නියමිත නැගෙනහිර කලාපීය රටවල ආර්ථික සමුළුවට සමගාමීව පැවැත්වෙනු ඇතැයි ක්‍රෙම්ලීන ප‍්‍රකාශක දිමිති‍්‍ර පෙස්කෝව් පවසා ඇත.

නැගෙනහිර කලාපීය රටවල ආර්ථික සමුළුව පැවැත්වෙනු ඇත්තේ ලබන සැප්තැම්බර් 11 සිට 13 දක්වාය. ආසියානු රටවල රාජ්‍ය නායකයෝ රැුසක් මෙම සමුළුවට සහභාගී වීමට නියමිත යැයි පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS