දශක 8කට පසු හමුවුණු ඉන්දීය අළු වෘකයා මරලා



බංග්ලාදේ​ශයෙන් ව‍ඳ වී ගිය සතකු යැයි පැවැසුණු ඉන්දීය අළු වෘකයකු දශක 8 කට පසු යළි දකින්න ලැබී ඇති බවත්, ගැමියන් පිරිසක් කළ පහරදීමකින් එම වෘකයා මියගිය බවත් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම ඉන්දීය අළු වෘකයා දකින්න ලැබී ඇත්තේ ඉන්දියාවේ අසල්වැසියකු පවන බංග්ලාදේශයෙනි. වෘකයා ගොවිපොලකට කඩා වැදී කුකුළන් දඩයම් කරන්න වූ අතර, ගම් වැසියන් වෘකයා අල්ලා ඌට පහර දුන් අවස්ථාවේදී ඌ මියගොස් ඇත.

ඉන්දියාව සහ බංග්ලාදේශය අසල්වැසි රටවල්ය. අතීතයේ නැගෙනහිර පාකිස්තානය බවටත් ඉන්පසු බංග්ලාදේශය බවටත් වෙන් වෙද්දී, අළු වෘක ගහණය සෙමින් සෙමින් අඩුවිය. ඒ, උන්ගේ වාසභූමි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වීමෙනි.

ඉන්දීය අළු වෘකයන් ඉන්දියාවේ තවමත් දකින්න ලැබේ. ඉන්දියාවේ උන්ගේ ගහණය 3,000 ක් යැයි පැවැසෙයි. බංග්ලාදේශයේ අවසන් වරට අළු වෘකයකු දකින්න ලැබී ඇත්තේ 1949 වසරේදී යැයි ජාත්‍යන්තර වන සතුන් සුරැකීමේ සංවිධානය පෙන්වා දෙයි.

ඩකාහිදීය (‍එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS