දලයි ලාමා සමාව ඉල්ලයි



සුන්දර පෙනුමැති කාන්තාවක් නම්, ඇයට මීළඟ ලාමාවරයා වීමට අවස්ථාවක් ඇතැයි කළ ප්‍රකාශය මුල්කොට ගනිමින්, ටිබෙට් ආධ්‍යාන්තිමක නායක දලයි ලාමා තුමන්ට සමාව ඉල්ලීමට සිදුවී ඇතැයි වාර්තා වේ.

ටිබෙටයෙන් පලාවිත්, ඉන්දියාවේ ධර්මශාලා නුවර ආශ්‍රමයක සිටින දලයි ලාමා තුමන් පසුගිය දා බී.බී.සී. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් විය. එහිදී එතුමන් ගෝලීය අර්බුද සම්බන්ධයෙන් පමණක් නොව මීළඟ ලාමාවරයා වනු ඇත්තේ කවුරුන්දැයි යන්න සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

‘හොඳ සුන්දර පෙනුමැති ලස්සන කාන්තාවක් නම්, ඇයට මීළඟ ලාමාවරිය වෙන්න පුළුවන්’ යැයි දලයි ලාමා පැවැසුවේ විහිළුවක් ලෙසය. කෙසේ නමුත් දලයි ලාමාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධාන ඇතුළු බොහෝ දෙනකුගෙන් විරෝධය එල්ල විය. සිය ප්‍රකාශය සම්බන්ධයෙන්,  දලයි ලාමා ට සමාව ගැනීමට සිදුවූයේ ඒ අනුවය.

ධර්මශාලාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS