දකුණුදිග ප්‍රංශයට මහ වැසි



දකුණුදිග ප්‍රංශයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හදිසියේ හටගත් දරුණු ජල ගැලීම් හේතුවෙන් කොටුවී සිටි 1,600 ක පිරිසක් බේරා ගැනීමට ගිනි නිවන භටයන්, පොලිස් නිලධාරීන් සහ සහන සේවකයන් සමත් වුණැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

ජල ගැලීම් හටගෙන ඇත්තේ කඳුකර වනාන්තර ප්‍රදේශයකය. මෙම ප්‍රදේශය කඳවුරු බැඳ ගනිමින් වනාන්තරයේ නිවාඩුවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී තිබුණි. බේරාගත් 1,600 දෙනාගෙන් වැඩි පිරිස සංචාරකයන් බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS