දකුණු කොරියාවේ අවදානම් තත්ත්වයක්



‘කෝවිඞ් 19’ වයිරසය ශීඝ්‍රයෙන් පැතිරෙද්දී, හැකිතාක් නිවෙස්වල සිටින්නැයි දකුණු කොරියානු රජය එරට වැසියන්ට පැවැසීය.

දකුණු කොරියානු රජය මෙසේ පැවැසුවේ වයිරසය හේතුවෙන් අවදානම් තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කරමිනි.
අද (29) වෙද්දී දකුණු කොරියාවේ වයිරස ආසාදිතයන් ගණන 3,150 ක් දක්වා ඉහළ ගොස් ඇත. වයිරසය හේතුවෙන් මියගිය ගණන 17 කි.

අද (29) උදෑසන වනවිට දකුණු කොරියාවේ නව ආසාදිතයන් 594 දෙනකු හමුවුණු බව ද දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත. වයිරසය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ ගණන 27 කි.

(අල් ජසීරා)


RECOMMEND POSTS