තෙහෙරාන් අගනුවර මහල් 17 ක ගොඩනැගිල්ලක් කඩා වැටී 84 ක් මරුට: සුන්බුන් අතරින් තුවාලකරුවන් සෙවීම දිගටම



 

ඉරානයේ තෙහෙරාන් අගනුවර පිහිටි මහල් 17 කින් සමන්විත ගොඩනැගිල්ලක් හදිසියේ කඩා වැටීමෙන් 84 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

සුන්බුන් අතර සිරවී තුවාල ලබා රෝහල් ගත කළ ගණන 33 කි. කඩා වැටුණේ තෙහෙරාන් අගනුවර පිහිටි පැරැණිතම ගොඩනැගිල්ලක් යැයි පැවැසෙයි.

සුන්බුන් ඉවත් කරමින් තුවාලකරුවන් සෙවීමට ගිනි නිවන භටයන් සහ සහන සේවකයන් මේ වනවිටත් යුහුසුළුව කටයුතු කරන බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කර ඇත. 

තුවාලකරුවන් සෙවීමට ගිනි නිවන භටයෝ 50 දෙනකු යොදවා ඇතැයි ද වාර්තා වේ. සුන්බුන් අතරින් තුවාල ලැබූවන් බේරා ගැනීම සිදුවෙමින් පවතින බවත් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවත් තෙහෙරාන් නගරාධිපති මොහොමද් බකේර් මාධ්‍ය හමුවේ පවසා ඇත.


RECOMMEND POSTS