තුර්කියේ ජනමත විමසුමක්



පවතින පාර්ලිමේන්තු ක්‍රමය වෙනුවට විධායක ජනාධිපති ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් තුර්කියේ ජනමත විමසුමක් පැවැත්විණි.

තුර්කි ජනපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් සිය බලතල වැඩි කර ගැනීමේ අටියෙන් විධායක ජනාධිපති ක්‍රමය ගෙන ඒමට සූදානම් වන බවට විපක්ෂ ක්‍රියාකාරීහු චෝදනා කරති.

ජනමත විමසුමට අනුව, විධායක ජනපති ක්‍රමයක් සඳහා ජනතා අනුමැතිය හිමිවුවහොත් 2029 තෙක් බලයේ රැඳී සිටීමට ජනපති එර්ඩෙගොන්ට හැකිවනු ඇතැයි ද පැවැසෙයි.

අමාත්‍යවරුන් පත් කිරීම නියෝග නිකුත් කිරීම පමණක් නොව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ විනිසුරුවරුන් පත් කර ගැනීම ආදී බලතල සියල්ල විධායක බලය හරහා ජනපති එඞ්රෙගොන්ට හිමිවන බව ද පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS