තුර්කි හෙලිකොප්ටරයක් කඩා වැටේ



තුර්කි පොලිස් ප්‍රධානීන් සහ අධිකරණ විනිසුරුවරුන් ඇතුළු 14 දෙනකු ගමන් කරමින් සිටි හෙලිකොප්ටරයක් කඩා වැටුණු බව තුර්කි මාධ්‍ය වාර්තා කරයි.

හෙලිකොප්ටරයේ සිටි සියල්ලන්ම මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වුණැයි ද වාර්තා වේ. හෙලිකොප්ටරය කඩා වැටී ඇත්තේ තුර්කියේ නැගෙනහිර දෙසින් පිහිටි ටුන්සිල් නමැති පළාතටය.

අනතුර සිදුවෙද්දී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිවු දෙනකු සහ විනිසුරුවරුන් දෙදෙනකු හෙලිකොප්ටරයේ සිට ඇතැයි ද වාර්තා වේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. තුර්කි රජය පවසා ඇත්තේ ඒ ගැන විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS