තීරණාත්මක ඡන්ද විමසුමක්



මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බි‍්‍රක්සිට්’ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සහ යුරෝපා සංගමය අතර ඇති කරගත් යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසුමක් පැවැත්වීමට නියමිතව තිබුණි.

බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන විපක්ෂ නායක ජෙරමි කෝර්බින් ඇතුළු කම්කරු පක්ෂයෙන් පමණක් නොව, අගමැතිනී තෙරේසා මේගේ පාලක කොන්සවර්ටිව් පක්ෂයෙන් පවා අගමැතිනිය සහ යුරෝපා සංගමය අතරේ ඇති කරගත් ‘බි‍්‍රක්සිට්’ ගිවිසුමට විරෝධයක් එල්ල වී ඇත.

එහෙයින්, බි‍්‍රතාන්‍ය දේශපාලනඥයන් පෙන්වා දී ඇත්තේ ඡන්ද විමසුමෙන් අගමැතිනී තෙරේසා මේට දරුණු පරාජයක් අත්වනු ඇති බවය. තෙරේසා මේ බි‍්‍රතාන්‍ය අගමැති ධුරය සඳහා කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන් විසින් පත් කර ගැනීම සිදුවූයේ ද ‘බි‍්‍රක්සිට්’ සම්බන්ධයෙනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS