තායිවානයේ ගින්නක්: 46 ක් මරුට



තායිවානයේ ග්වායිෂිංග් නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්නට බිලිවුණු ගණන 46 කි. තවත් 44 දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

මහල් 13 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල යැංචෙන් නමැති දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ගින්න හටගත්තේ අද (14) අලුයම් කාලයේය.

මෙම ගොඩනැගිල්ල වසර 40 ක් පැරණි බවත් එය නිසි පරිදි නඩත්තු නොකළ බැවින් ගින්න හටගන්නට ඇති බවත් ගිනි නිවන භටයෝ අනුමාන කරති.

ගින්න හටගත් ආකාරය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව නගර බලධාරීහු පවසති.

(අල් ජසීරා)


RECOMMEND POSTS