තායිවාන දුම්රියක් පීලි පනී



තායිවානයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 126 කි.

දුම්රිය පීලි පැනීමට ලක් වූයේ යිලාන් ප‍්‍රාන්තයේදීය. දුම්රිය දෙස් විදෙස් සංචාරයකයන් අතර ප‍්‍රසිද්ධියට පත් ව ඇති එකක් බව පැවැසෙයි. මියගිය සහ තුවාල ලැබූ බොහෝ දෙනා සංචාරකයන්ය.

පීලි පැනීමට ලක් වීමෙන් දුම්රියේ මැදිරි පහක් දුම්රිය මාර්ගයෙන් ඈතට විසිවී ගියේය. සිදුවුණේ කුමක්දැයි සොයා බැලීමට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බව තායිවාන රජය කියයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS