තායිවාන ජනපතිනියට යළිත් ජන වරමක්



තායිවාන ජනාධිපතිවරණයෙන් ජනපති ධුරයේ සිටින සායි ඉන් වෙන් ජයග්‍රහණය කළාය. ඇයට හිමිවුණු ඡන්ද ප්‍රතිශතය සියයට 57 කට වඩා වැඩි යැයි පැවැසෙයි.

චීනයට ඔබ්බෙන් පිහිටි තායිවානය දූපත් රාජ්‍යයකි. තායිවානයේ ජනපති ධුරයට පත්වුණු පළමු කාන්තාව වන්නේ ද සායි ඉන් වෙන් ය. ජනපතිනී සායි ඉන් වෙන් අනුගමනය කරන්නේ චීන විරෝධී ප්‍රතිපත්තියකි.

චීනය සමඟ සබඳතා අඩු කරමින් නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඇයට හැකි වී තිබේ. තායිවානය අතීතයේ චීනයට අයත් කොටසක් විය. අද ද චීනය විශ්වාස කරන්නේ තායිවානය තමන්ගේ කොටසක් බවය. මෙවර ජනාධිපතිවරණයෙන් චීන හිතවාදී දේශපාලන පක්ෂ නියෝජනය කළ අපේක්ෂකයෝ පරාජයට පත් වූහ.

තායිපේහිදීය (රොයිටර්)


RECOMMEND POSTS