තායි දරුවන්ගෙන් වීඩියෝ පණිවුඩයක්



තායිලන්තයේ චියැංග් රායි පළාතේ භූගත ලෙන තුළ සිරවී සිට බේරාගත් පාසල් පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා රෝහලේ සිට වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

තමන් යහතින් සිටින බවත්, වෛද්‍යවරුන්ගේ අනුමැතිය පරිදි, තමන් දැන් කැමැති කැමැති ආහාර කෑමට ගන්නා බව ඔවුන් පවසා ඇත. ඉදිරි දින කිහිපයේ දී දරුවන්ට රෝහලෙන් පිටවී යෑමට හැකිවනු ඇති බව ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන් පවසා තිබේ. එම වීඩියෝ පණිවුඩයේ දසුන් ද මේ වනවිට මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇතැයි ද පැවැසෙයි.

දරුවන් දොලොස්දෙනා සහ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වුණු තායි නාවික හමුදාවේ කිමිදුම්කරු සමන් කුනාන්, මෙහෙයුම අතරතුර ජීවිතක්ෂයට පත් විය. දරුවන් පිරිස ඔහු සිහිපත් කළ අයුරු ද වීඩියෝ දසුන්වල දකින්න ලැබේ.

(රොයිටර්)


RECOMMEND POSTS