තායි කුමරිය ජනතාවගෙන් සමාව ඉල්ලයි



අගමැති ධුර අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වන බව පවසමින්, ජනතායට බොරු බලාපොරොත්තුවක් දීම සම්බන්ධයෙන් තමන්ට සමාවෙන්නැයි තායිලන්තයේ උබොල්රතන රාජකන්‍යා සිරිවද්ධන බරනවාදී කුමරිය එරට ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියාය.

පැවැත්වීමට නියමිත තායිලන්ත මහ මැතිවරණයට 67 හැවිරිදි බරනවාදී කුමරිය ඉදිරිපත් කරන බව ඉකුත් සිකුරාදා දිනවේ නිවේදනය කළේ ‘තායි රක්ෂ චාත්’ දේශපාලන පක්ෂයයි. ඒ, කුමරියගේ කැමැත්තට අනුවය.

කෙසේ නමුත් තායිලන්තයේ මහා වජිරලොන්කොන් රජුගේ ඊට විරෝධයක් එල්ල විය. ඒ, තායිලන්තයේ ව්‍යවස්ථාවට අනුව, එරට රජ පවුලේ සාමාජිකයන්ට දේශපාලනයට පිවිසිය නොහැකි බව පෙන්වා දෙමිණි.

ඒ අනුව, මැතිවරණ කොමිසම කුමරිය අගමැති ධුර අපේක්ෂිකාවක ලෙස නුසුදුසු බවට තීරණය කළේය. කුමරිය ජනතාවගෙන් සමාව ඉල්ලීමක් කළේ ඉන්පසුවය.

තායිලන්තයේ හිටපු අගමැතිවරුන් වන තක්ෂින් ෂිනවාත්‍රා සහ නැගණිය යිංග්ලක් ෂිනවාත්‍රා නියෝජනය කළේ ද ‘තායි රක්ෂ චාත්’ පක්ෂයයි. තක්ෂින්ට මෙන්ම යිංග්ලක් ෂිනවාත්‍රාවට දූෂණ වංචා චෝදනා එල්ල විය. ඔවුහු දෙදෙනාම මේ වනවිට විදේශගතව ජීවත් වෙති.

බැංකොක්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS