ත්‍රස්තයෝ මොසූල් දේවස්ථානය පුපුරුවති



ඉරාකයේ මොසූල් නුවර ‘අල් නූරි’ මුස්ලිම් දේවස්ථානය පුපුරුවා විනාශ කිරීමට අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තයන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.

මාස ගණනාවක පටන් මොසූල් නගරය අයි.එස්. ග්‍රහණයේ පැවැතිණි. එය මුදා ගැනීමට ඉරාක හමුදා සටන් ආරම්භ කර ඇති අතර, මේ වනවිට පළාත් රැසක් මුදා ගැනීමට ද හැකි වී තිබේ.

ඉරාක රජයේ හමුදා සහ රජයේ හමුදාවට සහාය පළ කරන කුර්දි සටන්කාමීන්ගේ ප්‍රහාර හමුවේ අයි.එස්. ත්‍රස්තයෝ පසුබෑමකට ලක් වී සිටිති. ‘අල් නූරි’ නමැති මෙම පැරැණි මුස්ලිම් දේවස්ථානය පුපුරුවා හැරීම සිදු කර ඇත්තේ එසේ පලා යමින් සිටි ත්‍රස්තයෝ පිරිසකි.

මොසූල් නුවර අත්පත් කර ගැනීමෙන් පසු, අයි.එස්. ත්‍රස්තයෝ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවූහ. අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩි එම ඉස්ලාමීය රාජ්‍යය පිහිටුවූ බව දැනුම් දුන්නේ මෙම අල් නූරි මුස්ලිම් දේවස්ථානය ඉදිරියේ සිටිය.

(රොයිටර්)

 


RECOMMEND POSTS