ත්‍රස්තයන්ට එරෙහි ප්‍රහාර අරඹයි



ඇමෙරිකන් හමුදාව, ඇෆ්ගන් රජයේ හමුදාවට සහාය දක්වමින්, ඇෆ්ගනිස්තානයේ හඳුනාගත් තලේබාන් සහ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

ප්‍රහාර එල්ල කිරීම සිදුවූයේ ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශයේ තොරතුරු පාදක කර ගනිමින් යැයි ද පැවැසෙයි.

ඇමෙරිකන් ගුවන් හමුදාව ඔවුන්ගේ ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කළේ ඇෆ්ගනිස්තානෙයේ චීන සහ ටජිකිස්තාන දේශසීමා අවට ප්‍රදේශයටය. ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත් බී 52 වර්ගයේ බෝම්බ හෙලන යානා ද ප්‍රහාරය සඳහා එක්වුණු බව ද වාර්තා විය.

මේ වනවිට ඉරාකයේ සිටින ඇමෙරිකන් හමුදා බළඇණි කිහිපයක් ද ඇෆ්ගනිස්තානයට යැවීමට ඇමෙරිකන් රජය සහ යුද දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. එම හමුදා බළඇණිය ඉරාකයේ රැඳී සිටියේ ඉරාක හමුදාවට සහාය දක්වමින් ආරක්ෂක උපදේශකයන් ලෙසය.

ඉරාක හමුදාව දයේෂ් හෙවත් අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව පසුගිය කාලයේ යුද වැදුණේය. එහිදී ඇමෙරිකාවේ සහාය ඉරාක රජයට සහ හමුදාවට නොඅඩුව හිමිවිය. අද වනවිට දයේෂ් ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ සටන් අවසන් වී ඇත. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයට යැවීම සිදු කළේ ඒ අනුවය.

(රොයිටර්)


RECOMMEND POSTS