ත්‍රස්තයන් හමුවී සාකච්ඡා කරනවා



ඇෆ්ගන් රජයේ මැදිහත්වීමක් නොමැතිව, සෘජුව තලේබාන් ත්‍රස්ත සංවිධානය සමඟ සාකච්ඡා පවත්වා, පවතින ගැටුම්කාරී තත්ත්වය විසඳීමට තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකන් හමුදා ප්‍රධානී ජනරාල් ජෝන් නිකල්සන් පවසා ඇත.

ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය සමඟ වසර 17 ක් තිස්සේ පවතින අර්බුදය විසඳා ගැනීමට මෙම සාකච්ඡා උපකාරී වේවි යැයි තමන් විශ්වාස කරන බව ද ඇමෙරිකන් හමුදා ප්‍රධානියා වැඩි දුරටත් කියා සිටී.

මේ සඳහා ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕගේ ද සහාය නොඅඩුව ලැබෙන බව ද පවැසෙයි.

පසුගිය වසර කිහිපය පුරාවට ඇෆ්ගන් රජය, තලේබාන් ත්‍රස්තවාදීන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට උත්සාහ ගත් නමුත් එම සාකච්ඡා අසාර්ථක විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS