ත්‍රස්තයට මුහුණ දුන් වීරයා



බ්‍රෙන්ටන් ටැරැන්ට් නවසිලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර ලින්වුඞ් මුස්ලිම් පල්ලියට කඩා වැදී වෙඩි තැබීමට පටන්ගත් අවස්ථාවේදී කුඩා ක්‍රෙඩිට්කාඞ් මැෂිමකින් ඔහුට පහර දී, අභියෝග කරමින්, ඔහු පල්ලියෙන් පිටතට ගෙන ගිය කෙනකු ගැන වාර්තා වෙයි.

තුවක්කුකරුට අභියෝගයක් වූ මේ තැනැත්තා 48 හැවිරිදි අබ්දුල් අසීස්ය. අසීස්, එම අවස්ථාවේ පල්ලියට පැමිණ සිටියේ පවුලේ අය සමඟය. තුවක්කුකරුට පහර දුන් අවස්ථාවේදී අසීස් පල්ලියෙන් එළියට ගොස් ඇත්තේ ‘මෙහෙට වරෙන්’ යැයි තුවක්කුකරුට පවසමිනි. ඒ අනුව, පල්ලියේ සිටි ඔහුගේ පවුලේ අය පමණක් නොව තවත් බොහෝ දෙනකුගේ දිවි ගැලවුණු බව පැවැසෙයි.

අබ්දුල් අසීස්, නවසීලන්තයට පැමිණ ඇත්තේ වසර 25 කට පෙර, ඇෆ්ගනිස්තානයේ සිට සරණාගතයකු ලෙසය. කළ වික්‍රමය හේතුවෙන් අසීස් අද වීරයකු බවට පත් වී සිටින බව ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS