ත්‍රස්ත ප්‍රහාරයෙන් මැතිවරණ නිලධාරිනියක් මරුට



අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියර අද (18) ආරම්භ වුණු අතර ඔරිස්සා (ඔඩීෂා) ප්‍රාන්තයේ මාඕ බෙදුම්වාදී ත්‍රස්තයන්ගේ ප්‍රහාරකින් ඉන්දීය මැතිවරණ නිලධාරිනියක් ජීවිතක්ෂයට පත් වූවාය.

ජීවිතක්ෂයට පත්වූයේ සංජුක්තා දියාල් නමැති නිලධාරිනිය යැයි පැවැසෙයි. ඇය ඇයට රජයෙන් ලබා දී තිබූ ජිප් රියෙන් ගමන් කරමින් සිටියදී මාඕ බෙදුම්වාදීන් ඊට වෙඩි තබා ඇත. ඒ, මාර්ගයේ අටා තිබූ බෝම්බයක් ද පුපුරුවා හරිමිනි. මැතිවරණ නිලධාරිය මරා දැමීමෙන් පසු බෙදුම්වාදීන් ඇගේ ජිප් රියට ගිනි තැබූ බව ද වාර්තා විය.

ඊට අමතරව, මැතිවරණ නිලධාරීන් පිරිසක් ගමන් කළ ට්‍රක් රියකටත්, යතුරු පැදි කිහිපයකටත් මාඕ බෙදුම්වාදීන් වෙඩි තබා ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. බෙදුම්වාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඡන්ද පොළ කටයුතුවලට බාධා එල්ල වූ බව ඔරිස්සා ප්‍රාන්තයේ කණ්ඩමාල් පළාතෙන් වාර්තා විය.

බුබනෝෂ්වෝර්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS