ත්‍රස්ත ග්‍රහණයේ සිටි විදෙස් පවුලට නිදහස



වසර පහකට වැඩි කාලයක් තිස්සේ පාකිස්තාන තලේබාන් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිටි ඇමෙරිකන් ජාතික කාන්තාවක, ඇගේ කැනඩා ජාතික සැමියා සහ ඔවුන්ගේ දරු තිදෙනාට නිදහස හිමිවිය.

නිදහස ලැබූ කාන්තාව කෙයිට්ලින් කෝල්මන්ය. ඇගේ සැමියා ජොෂුවා බොයිල්ය. කෙයිට්ලින් දරුවන් පුතුන් තිදෙනාත් දියණියත් බිහි කර ඇත්තේ ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ පසුවෙද්දී යැයි ද පැවැසෙයි.

මොවුන් මුදා ගැනීමට කටයුතු කර ඇත්තේ පාකිස්තාන හමුදාවය. ඊට පාකිස්තාන බුද්ධි අංශයේ ද සහාය නොඅඩුව හිමිවී ඇත.

පාකිස්තාන ඇෆ්ගන් දේශසීමාවේ දී, පිරිස පාකිස්තාන හමුදාවට බාර කෙරුණු බව ද පැවැසෙයි. ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන්ට ද මේ සම්බන්ධයෙන් සියලු විස්තර ලබා දුන්නේ යැයි පාකිස්තාන රජය වැඩි දුරටත් කියා සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS