තවත් ෂියා මුස්ලිම් නායකයෙක් අත්අඩංගුවට



රජය පෙරැළීමට ජනතාව උසිගන්වනවා යැය චෝදනා කරමින්, තවත් ෂියා මුස්ලිම් ආගමික නායකයකු බහරේන් රෙජීමය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ශෙයික් අබ්දුල්සාරා කරබාදීය. මුහුණු ආවරණය කරගත් බහරේන් හමුදා භටයන් කණ්ඩායමක් කරබාදීගේ නිවසට මහ රෑ කඩා වැදී ඔහු සහ බිරිය අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ.

පසුගිය වසරේ අගෝස්තුවේ බහරේන් රෙජීමය ෂියා මුස්ලිම් ආගමික නායකයන් සිවු දෙනකු මේ අයුරින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS