තවත් නගරයක් මුදා ගනී



සිරියාවේ හෝම්ස් නගරයේ බලය සම්පූර්ණයෙන්ම තමන් යටතට ගැනීමට සිරියා රජයේ හමුදා සමත් වී තිබේ.

අයි.එස්.අයි.එස් කැරළිකරුවන් සතුව පැවති හෝම්ස් නගරයේ අවසන් බලප්‍රදේශය තමන් යටතට ගනිමින් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සිරියා හමුදා සමත් විණි.

නගරයේ සිර වී සිටි සිවිල් වැසියන් 3,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි සිරියා ආරක්ෂක අංශ පියවර ගනු ලැබීය. කැරළිකරුවන් අටවා තිබූ බෝම්බ හා අවි ආයුධ රැසක් සොයා ගැනීමට ද ආරක්ෂක අංශ සමත් වුණි.

කැරළිකරුවන් යටතේ පවතින ප්‍රදේශ රැසක් මේ වන විටත් සිරියා රජයේ හමුදා තමන් යටතට ගෙන ඇති අතර හෝම්ස් නගරය තම භාරයට ගැනීම ඉතා වැදගත් බවයි සිරියා  ආරක්ෂක අංශ පවසන්නේ.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS