තලෝබාන් නියෝජිතයෝ රුසියාවේ



සාම කතා අවසන් බව ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීමෙන් පසු, ඇමෙරිකාව සමඟ සාම කතා පැවැත්වූ තලේබාන් සංවිධානයේ නියෝජිතයෝ රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියන් රජයේ නියෝජිතයන් හමුවූහ.

ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීමේ අරමුණ ඇතිව රුසියාව ද ඇෆ්ගන් රජය, තලේබාන් සංවිධානය සමඟ සාම කතා පැවැත්වීමේ මැදහත්කරුවකු ලෙස කටයුතු කරන්නේ මාස ගණනාවක සිටය.

සාම සාකච්ඡා පැවැත්වීම සිදුවන්නේ දෝහා කටාර් හි තලේබාන්සාම කාර්යාලයේ සාමාජිකයන්ගේ මැදිහත්වීමෙනි. ඇෆ්ගනිස්තානයේ විශේෂ සාම නියෝජිතයා ලෙස රුසියාව විසින් පත් කර ඇත්තේ සමීර් කබුලෝව්ය.

තලේබාන් සංවිධානය සමඟ කළ සාම කතා ‘අවසන්’ යැයි ට්‍රම්ප් නිවේදනය කළේ පසුගිය සතියේය. ඒ, සාම කතා සාර්ථක වෙද්දී, තලේබාන් සංවිධානයේ කැරැලිකාර කණ්ඩායම් දිගට හරහට ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරවීම ආරම්භ කළ නිසාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS