තලේබාන් ප්‍රහාරයෙන් හමුදා සෙබළු 100 ක් මියයති



උතුරුදිග ඇෆ්ගනිස්ථානයේ හමුදා කඳවුරකට එල්ල වූතලේබාන් ප්‍රහාරයකින් ඇෆ්ගන් හමුදා සොල්දාදුවෝ ජීවිතක්ෂයට පත්වූහ. තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූහ.

එය ඉතා සැලැසුම්සහතව කළ ප්‍රහාරයක් බව ඇෆ්ගන් රජය කියයි. ප්‍රහාරය එල්ල වී ඇත්තේ සොල්දාදුවන් දේව මෙහෙයකට සහාගීවෙමින් සිටි අවස්ථාවකදීය.

ඇතැම් විදෙස් පුවත් සේවා වාර්තා කළේ ප්‍රහාරයෙන් සොල්දාදුවන් 150 දෙනකු මියගිය බවය. මස්රා ඊ ෂරීෆ් නගරය ආසන්නයේ පිහිටි මෙම කඳවුරු පුහුණු කඳවුරක් ද වෙයි. මියගිය සහ තුවාල ලැබූවන් අතර කැඩෙට් භටයන් ද සිටින බව වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS