තලේබාන් නායකයා නිදහස්



අත්අඩංගුට ගෙන සිටි ඇෆ්ගන් තලේබාන් ත‍්‍රස්ත සංවිධානයේ නායක මුල්ලා අබ්දුල් ඝානී බරාදර් නිදහස් කිරීමට පාකිස්තාන රජය තීරණය කළේය.

පාකිස්තාන රජය මෙම තීරණය ගත්තේ, ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී සහ ඇමෙරිකන් රජය කළ ඉල්ලීමකට අනුව යැයි ද පැවැසෙයි. තම ජ්‍යෙෂ්ඨ නායක මුල්ලා අබ්දුල් ඝානී බරාදර් නිදහස ලැබූ බව ඇෆ්ගන් තලේබාන් සංවිධානය ද විශේෂ ප‍්‍රකාශයක් කර ඇත.

ඇෆ්ගන් රජය සහ ඇමෙරිකාව එක් වී, තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡුා ආරම්භ කිරීමට සැරැුසෙයි. මුල්ලා අබ්දුල් ඝානී බරාදර්ට නිදහස ලැබුණේ එම සාකච්ඡුා සාර්ථක කර ගැනීමට ‘හොඳහිත පෑමක්’ පෑමක් ලෙසය.

ඇෆ්ගන් රජය සහ තලේබාන් ත‍්‍රස්ත සංවිධානය අතර සාම කතා පැවැත්වෙන්නේ නම්, ඒ සඳහා හැකි සෑම අයුරින්ම සහාය වීමට තමන් කැප වී සිටින බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අවස්ථා ගණනාවකදී පවසා තිබුණි. පාකිස්තානය ඇෆ්ගනිස්තානයේ අසල්වැසියාය.

පසුගිය සතිඅන්තයේ ඇෆ්ගන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විණි. එහි ඡුන්ද ගණන් කිරීම විශේෂ ආරක්ෂාවක් යටතේ මේ වනවිට පැවැත්වෙන බව ද වාර්තා වේ.

එම මැතිවරණය පැවැත්වූයේ ද තලේබාන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැදය. පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව, ඇමෙරිකාව, කටාර් රාජ්‍යයේ පිහිටුවා ඇති තලේබාන් ‘සාම කාර්යාලය’ හරහා නව සාම කතා පැවැත්වීමට කටයුතු ආරම්භ කළේය.

මුල්ලා අබ්දුල් ඝානී බරාදර් යනු තලේබාන් ත‍්‍රස්ත සංවිධානයේ පුරෝගාමී නායකයෙකි. දකුණුදිග ඇෆ්ගනිස්තානයේ විදෙස් සහ ඇෆ්ගන් හමුදා ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර සැලැසුම් කළේත්, එම ප‍්‍රහාර මෙහෙය වූයේත් මොහුය.තලේබාන් ත‍්‍රස්ත සංවිධානය පිහිටුවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ මුල්ලා  ඕමාර්ය. පාකිස්තාන රජය විසින් මුදා හරිනු ලැබූ මුල්ලා අබ්දුල් ඝානී බරාදර්, සැලකෙන්නේ මුල්ලා  ඕමාර්ගේ දෙවැනියා ලෙසය.

ඇෆ්ගන් ත‍්‍රස්ත සංවිධානය කොටස් දෙකකි. ඒ, ඇෆ්ගන් තලේබාන් සහ පාකිස්තාන තලේබාන් ආදී වශයෙනි. මොවුන් බෙදී වෙන් වී සිටින්නේ මත ගැටුම් හේතුවෙනි. පාකිස්තාන ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ එක් වී, මුල්ලා අබ්දුල් ඝානී බරාදර් අල්ලා ගත්තේ මීට අට වසරකට පෙර, කරච්චි නුවරදීය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS