ඩුබායිහිදී සොරකමකට වැරදිකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට සිර දඬුවම්



එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබායි නගරයේ පිහිටි  අධි සුඛෝපබෝගී    නිවසකින් ඩිරාම් මිලිනයක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4කට ආසන්න) මුදලක්  වටිනා බඩු භාණ්ඩ සොරකම් චෝදනාවට වැරදිකරුවන් වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අපරාධ අධිකරණය විසින් වසරක් බැගින් වූ සිර දඬුවම් පැනවූ බව ඩුබායි ද නැෂනල් පුවත්පත් වෙබ් අඩවිය ඊයේ (29) වාර්තා කළේය.

ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී සිදූ වී ඇති මෙම සොරකම් කිරීමේ සිද්ධියට අදාළව ඩුබායි පොලීසිය විසින් ගොනු කර තිබූ මෙම නඩුව පෙරේදා (28) සලකා බැලූ අතර එහිදී එම ලාංකිකයින් තිදෙනා ඊට සම්බන්ධ වී ඇතැයි ඩුබායි අපරාධ අධිකරණය විසින් ඊයේ කරුණු තහවුරු කරමින් මෙම සිර දඬුවම් නියම කළ බවද නැෂනල් පුවත්පත් වෙබ් අඩවිය වාර්තාවේ සඳහන් වේ.

මෙම සොරකමට සම්බන්ධ වූ  චූදිත ලාංකිකයින් තිදෙනා ගෙන එක් අයෙකු පමණක් මේ වන විට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන අතර 47 හැවිරිදි මීට මාස කිහිපයකට පෙර  ඔහු සාජා ගුවන්තොටුපළින් පලා යාමාට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගනු ලැබිණි.

මේ සම්බන්ධව අත් අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලාංකිකයා තමන්ට එරෙහි නඩුව  අධිකරණය හමුවේ කැදවූ අවස්ථවේදී සොරකීමේ චෝදනාව  ප්‍රතික්ෂේප කොට ඇත.

සෙසු ලාංකිකයින් දෙදෙනාම මේවන විට සොරකම් කළ වටිනා භාණ්ඩ තොගයක් රැගෙන සිය මව් රටට  පලා ගොස් ඇතැයි ද ඩුබායි පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණ හමුවේ ප්‍රකාශ කොට ඇත.මොවුන් දෙදෙනාම සංචාරක් වීසා මත ඩුබායි වලට පැමිණ සොරකමේ නිරත වී ඇතැයිද නැෂන්ල් පුවත්පත් වෙබ් වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත් සියලු කරුණු සලකා බැලූ ඩුබායි අපරාධ අධිකරණ විනිසුරු වරයා චූදිත ලාංකිකයින්ට එරෙහිව වසරක් බැගින්වූ සිර දඬුවම් පනවනු ලැබීය.

 

ඩුබායි, අල් මුහායිස්නා ප්‍රදේශයේ පිහිටි නිවසකින් මෙම සොරකම සිදුකර ඇති අතර සිය පවුලේ උදවිය සමග බෙල්ජියමේ සංචාරයක නිරතව සිටි අවස්ථාවේදී නිවස බිඳ භාණ්ඩ සොරා ගෙන ඇති බව 37 හැවිරිදි එක්සත් අරාබි එමීර් ජාතික  ගෙහිමියා පොලිසියට පවසා ඇතැයි ද නේෂන් වෙබ් අඩවිය පවසයි.

තමා නිවසේ නැති මොහෙතේ සිය මව විසින් මෙහෙකරුවෙකු ලවා නිවස ශුද්ධ පවිත්‍ර කිරීමට ගිය අවස්ථාවේ දී නිවසට පිරිසක් කඩා වැදී භාණ්ඩ සොරකම් කර ඇති බව දැනගන්නට ලැබුනු බවත් ඔහු කළ පොලිස් පැමිණිල්ලේ සදහන් වේ.

සොරකම් කළ වටිනා භාණ්ඩ අතර ස්වර්ණාභරණ ,මුදල් ,වටිනා අත් ඔර්ලෝසු සහ පෑන් වර්ගද වේ.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS