ඩුබායි රිය අනතුරින් 5ක් මරුට



ඊයේ උදෑසන (දෙසැ:13) ඩුබායිහි අල්-රිබට් අධිවේගි මාර්ගයේදි සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් 5දෙනෙක් මිය ගියහ.

කම්කරුවන් 20ක් රැගත් බස්රථයක් ට්‍රක්රථයක ගැටීම නිසා මෙම අනතුර සිදුවී ඇත.

බස් රථයේ ඉදිරිපස අසුන්වල වාඩිවී සිටි කම්කරුවන් හතර දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර පස්වැනියා රියාද් රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇත.   

මෙම බස් රථය තුල සිරවී සිටි කම්කරුවන් බේරාගැනීම සදහා මහජන ආරක්ෂක ඒකකයේ නිළධාරීන්ට බස් රථය කොටස් වලට කැපීමට සිදුව ඇත.

මෙම අනතුර සිදුවීමෙන් පසුව බස් රථය සුන්බුන් ගොඩක් බවට පත්වූ බව ඇසින් දුටූවන් ප්‍රකාශ කළේය.

 

(ජී.ඩී.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS