ටිකට් කපා පිටවෙති



මහා බ්‍රිතාන්‍යයේ සැලිස්බරි නුවර පදිංචිව සිටිද්දී, විස ප්‍රහාරයකට ලක්වුණු රුසියාවේ හිටපු කේ.ජී.බී. ඔත්තු සේවා නිලධාරී සර්ගේ ස්ක්‍රිපාල් සහ දියණිය යුලියාගේ තත්ත්වය යහපත් බවත්, ඔවුන් රෝහලෙන් පිටවී ගිය බවත් බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කළේය.

සර්ගේ ස්ක්‍රිපාල් සහ දියණිය යුලියා රෝහලෙන් පිටවී ගියේ හොර රහසේය. ඒ, ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් ඇති හෙයිනි. ස්කොට්ලන්ඞ් යාඞ් රහස් පොලිසියේ සහාය ඔවුන්ට හිමිවුණු බවත්, ස්කොට්ලන්ඞ් යාඞ් පොලිසිය මැදිහහත් වී, ඔවුන් දෙදෙනාට නව අනන්‍යතා ලබා දී අලුත් තැනක පදිංචි කළ බවත් පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS