ට්‍රම්ප්ට සහාය පළ කරමින් ලක්ෂ ගණනක් වීදි බසිති



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට සහාය පළ කරමින්, ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, රිපබ්ලිකන් පක්ෂ ට්‍රම්ප් ආධාරකරුවෝ වොෂින්ටන් අගනුවර විරෝධතා රැලි පැවැත්වූහ.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ ඊට ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගී වූ බවය. ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය 3 වැනිදාය. එහිදී නියමිත ඡන්ද ගණ සම්පූර්ණ කරමින් ජයග්‍රහණය කළේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ය.

ඡන්ද වංචා සහ අක්‍රමිකතා සිදුවුණු බවට ජනපති ට්‍රම්ප් චෝදනා කරන අතර, ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශණ ආරම්භ වී තිබේ. ජනාධිපතිවරණ ප්‍රතිඵලය තමන් කිසිසේත් පිළිනොගන්නා බව ට්‍රම්ප් තරයේ පවසා තිබේ.

ජනාධිපතිවරයාට සහාය පළ කරමින් වොෂින්ටන් අගනුවර ජන රැලියක් පැවැත්වූයේ ඒ අනුවය. ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට වන අතර, ජෝ බයිඩන් මීළඟ ජනාධිපති ලෙස පිළිගැනීම රිපබ්ලිකන් පක්ෂය ද ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS