ට්‍රම්ප්ට විරෝධයක්



නේටෝ විශේෂ සමුළුවට සහභාගීවීමට ලන්ඩන් නුවරට පැමිණි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි විරෝධතා රැලියක් පැවැත්විණි.

විරෝධතා රැලිය පැවැත්වූයේ ට්‍රැෆල්ගා චතුරස්‍රයේ බකිංහැම් මාලිගයට නුදුරිනි. රැලිය පැවැත්වෙද්දී දෙවැනි එලිසබත් මහ රැජින, ට්‍රම්ප් ඇතුළු නේටෝ නායකයන් වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රයක් පැවැත්විණි.

ට්‍රම්ප්ගේ මැදපෙරදිග ප්‍රතිපත්ති, ඇමෙරිකා බි්‍රතාන්‍ය වෙළෙඳ ගනුදෙනු ඇතුළු කරුණු කීපයක් මුල්කොට ගනිමින් ට්‍රම්ප්ට එරෙහිව මෙම විරෝධතා රැලිය පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS