ට්‍රම්ප්ට ලියුම ලැබිලා



උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගෙන් විශේෂ ලිපියක් තමන්ට ලැබීමට නියමිත බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා තිබුණු අතර, එම ලිපිය ඔහුට ලැබුණු බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ට්‍රම්ප්ට එම ලිපිය ලැබී ඇත්තේ ඇමෙරිකාවට පැමිණ සිටින උතුරු කොරියා ජ්‍යෙෂ්ඨ නියෝජිත ජනරාල් කිම් යොංග් චෝල් ධවල මන්දිරයට පැමිණ ට්‍රම්ප් හමුවුණු අවස්ථාවේදීය. ප්‍රමාණයෙන් විශාල ලියුම් කවරයක බහාලූ ලිපිය ට්‍රම්ප් අතට පත් විය.

ජනරාල් කිම් යොංග් චෝල් සහ ට්‍රම්ප් අතර පැවැත්වුණු හමුවෙන් පසු ට්‍රම්ප් ස්ථිර වශයෙන්ම කියා සිටියේ ලබන 12 වැනිදා සිංගප්පූරුවේදී තමා සහ ට්‍රම්ප් අතර මුහුණට මුහුණ හමුව පැවැත්වෙනු ඇති බවය.

එම හමුවේදී 1950 සහ 53 දක්වා පැවැති කොරියානු යුද්ධය නිල වශයෙන් අවසන් වනු ඇති බව ද ට්‍රම්ප් වැඩි දුරටත් පැහැදිලි කළේය. කොරියාව උතුරු සහ දකුණු වශයෙන් බෙදී වෙන්වී ඇත්තේ එම කොරියානු යුද්ධයෙන් පසුවය.

(බී.බී.සී.)


RECOMMEND POSTS