ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය ඉල්ලා අස්වෙයි



තම මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරන 36 හැවිරිදි සේරා සැන්ඩර්ස් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩවක් මගින් නිවේදනය කළේය.

සැන්ඩර්ස්, ලබන ජූනි මාසයේ ඇගේ තනතුරින් ඉවත් වී, ඇගේ උපන් ජනපදය වන ආකන්සාස් බලා යනු ඇති බවත්, ආකන්සාස් ජනපදයේ දේශපාලන කටයුතුවල ඇය නියැලෙනු ඇති බවත් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

වසර 3 1/2 ක් තිස්සේ, සේරා සැන්ඩර්ස් ඇගේ රාජකාරි කටයුතු ඉතා හොඳින් මෙන්ම ඇයට හැකි උපරිමයෙන් කළ බවත්, ඇය සැබෑ වීරවරියක් බවත් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත.

ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වූයේ 2016 ජනාධිපතිවරණයෙනි. ඒ වනවිට සැන්ඩර්ස්, නියෝජ්‍ය මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළාය. මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළේ ෂෝන් ස්පයිසර්ය. මොහු 2017 දී එම තනතුරෙන් ඉවත් විය. ඒ අනුව, සැන්ඩර්ස්ට එම තනතුර හිමිවිය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS