ට්‍රම්ප්ගේ බදු නීතිවිරෝධීයි



යුරෝපා සංගමය, මෙක්සිකෝව සහ කැනඩාවෙන් ආනයනය කරන වානේ සහ ඇලුමිනියම් වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පනවා ඇති බද්ධ සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සිය විරෝධය පළ කර ඇත.

ඇමෙරිකාවට ආනයනය කෙරෙන වානේ සඳහා සියයට 25 ක බද්දක් සහ ඇලුමිනියම් සඳහා සියයට 10 ක් බද්ධක් අද (1) සිට ක්‍රියාත්මකය.

ට්‍රම්ප් පරිපාලනය විසින් හඳුන්වා දී, ක්‍රියාත්මක කළඑම බදු අය කිරීම් නීති විරෝධී බව ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් වැඩි දුරටත් පෙන්වා දී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් අතරේ යහපත් සබඳතා පවතී. ට්‍රම්ප් සිය විරෝධය දුරකතන ඇමැතුමක් මගින් ට්‍රම්ප්ට දැනුම් දුන් බව ද පැවැසෙයි.

එම නීතිවිරෝධී බදු අය කිරීම් සම්බන්ධයෙන්, යුරෝපා සංගමය ඇමෙරිකාවට එරෙහිව නීති මගින් කටයුතු කරනු ඇති බව ද ප්‍රංශ ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් පමණක් නොව, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ද ඇමෙරිකා ජනාධිපතිවරයා පනවා ඇති නව බදු සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර ඇති බව වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS