ට්‍රම්ප්ගේ තීරණයට තුර්කියෙන් විරෝධයක්



සිරියාවේ කුර්දි සටන්කාමීන්ට ආයුද ලබා දී ශක්තිමත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණයට තුර්කියේ විරෝධය එල්ල වී ඇත.

කුර්දි සටන්කාමීන් තව තවත් සන්නද්ධ කිරීමෙන් නව අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි තුර්කි හමුදා ප්‍රධානීන් සහ බුද්ධි අංශ ප්‍රධානීන් අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වේ.

තුර්කි ජනපති රිසෙප් ටයිප් එර්ඩෙගොන්, ට්‍රම්ප්ගෙන් සහ ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුවෙන් ඉල්ල ඇත්තේ කුර්දි සටන්කාමීන්ට ආයුද දීමෙන් වළකින ලෙසය.

තුර්කිය නේටෝ රාජ්‍යයකි. සිරියානු අර්බුදයේ දී තුර්කිය සහ ඇමෙරිකාව සිටටින්නේ සිරියානු විපක්ෂය සමඟය.

මේ අතර ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ නිලධාරීන් තුර්කි ආරක්ෂක අංශ සමඟ ට්‍රම්ප් ගත් තීරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූ ද වාර්තා වේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS