ට්‍රම්ප් සෞදි සංචාරයක ?



සෞදි - ඇමෙරිකා ද්විපාර්ශිවික සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ලබන මැයි මාසයේදී සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවනු ඇතැයි අරාබි මාධ්‍ය වාර්තා කර සිටී.

25 වැනිදා බ්‍රසල්ස් නුවර දී පැවැත්වෙන් නේටෝ සමුළුවට සහභාගීවන අතර ඉන්පසුව මැයි  26 සිට 28 දක්වා දෙදින ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ඉතාලියේ සිසිලි දූපතේ රටවල් හතේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ඇමෙරිකා ජනපතිවරයා  මෙලෙස සෞදියේ සංචාරය කරනු ඇතැයි පැවසේ.

ඇමෙරිකාවේ අරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් මහතා ඉකුත් බදාදා නිල සංචාරයක් සඳහා සෞදියට පැමිණිට්‍රම්ප් ගේ සෞදි සංචාරයේ පෙර සූදානමක් ලෙස බවද එම වාර්තා කියා සිටී.

තිළිණි ද සිල්වා
ගල්ෆ් නිවුස් ඇසුරිනි


RECOMMEND POSTS