ට්‍රම්ප් ස්කොට්ලන්තයේ



පැසැසුම් සහ ගැරහුම් මැද දෙදින එංගලන්ත නිල සංචාරය අවසන් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ස්කොට්ලන්තය බලා පිටත්ව පැමිණියේය.

ට්‍රම්ප්ගේ මව මේරි ඈන් මැක්ලෝඞ් උපත ලබා ඇත්තේ ස්කොට්ලන්තයේය. ට්‍රම්ප් සමඟ ස්කොට්ලන්ත සංචාරයට ද බිරිඳ මෙලානියා එක් වී සිටින්නීය.

ට්‍රම්ප්ට අයත් නිවාඩු නිකේතනයක් සහ ගොල්ෆ් ක්‍රීඩා පිටියක් ස්කොට්ලන්තයේ ටර්න්බෙරි පළාතේ ඇති අතර, ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කිරීමට ද අමතක නොකළේය. ඇමෙරිකා ජනාධිපති ලෙස ට්‍රම්ප් ස්කොට්ලන්තයට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

ට්‍රම්ප්ගේ පැමිණීමට විරෝධය දක්වමින් ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා රැලියක් පැවැත්වුණු අතර, පොලිසිය මැදිහත් වී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කටයුතු කළේය.

ට්‍රම්ප් ගොල්ෆ් කීඩා කිරීමට ගිය අවස්ථාවේදී, පැරැෂූටයකින් ගොල්ෆ් පිටියට ගොඩබෑ විරෝධතාකරුවකු මුල්කොට ගනිමින් කලබලයක් නිර්මාණය විය. කෙසේ නමුත් ආරක්ෂක නිලධාරීන් වහා මැදිහත්වී එම විරෝධතාකරු එතැනින් ඉවත් කළ බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී./ඬේලිමේල්)


RECOMMEND POSTS