ට්‍රම්ප් සංක්‍රමණිකයන්ගේ ආහාර සලාකය කපයි



ඇමෙරිකාවේ අඩුආදායම්ලාභී සංක්‍රමණිකයන්ට, ඇමෙරිකා රජයෙන් පිරිනැමෙන ආහාර සලාක, ඉදුම්හිටුම් සහ වෛද්‍ය පහසුකම් නැවැත්වීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත.

ට්‍රම්ප් පරිපාලනය මෙම තීරණය ගෙන ඇත්තේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තිවලට අනුවය. ඒ අනුව, අඩු ආදායම්ලාභී සංක්‍රමණිකයන්ට ඇමෙරිකාවේ පුරවැසිභාවට ලබා ගැනීම හෝ වීසා බලපත් දීර්ඝ කළ ගැනීම හෝ කළ නොහැකි වෙයි.

ඇමෙරිකාවේ මේ වනවිට නීත්‍යාණුකූලව මිලියන 22 ක සංක්‍රමණිකයන් පිරිසක් රැඳී සිටිති. ට්‍රම්ප් පරිපාලනය සිදු කළ මෙම නව නීති සංශෝධන ඔවුන්ගෙන් වැඩි දෙනකුට බලපෑම් එල්ල කරනු ඇති බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් හඳුන්වා දී ඇති දළදඬු සංක්‍රමණික ප්‍රතිපත්ති මේ වනවිට එකිනෙක ක්‍රියාවට නංවමින් සිටී. පසුගිය 7 වැනිදා, එරට ආරක්ෂක අංශ මිසිසිපි ජනපදයේ වැටලීම් කිපයක් සිදු කළේය. එහිදී නීතිවිරෝධී අයුරින් ඇමෙරිකාවේ රැඳී සිටින සංක්‍රමණිකයන් 680 දෙනකු අත්අඩංගුවට ගැණින.

වැටලීම් සිදු කරනු ලැබුවේ සංක්‍රමණික සහ රේගු බලකායේ නිලධාරීන් විසිනි. ‘අයිස්’ යන නමින් නම් කළ මෙම බලඇණියේ ප්‍රධාන අරමුණ වන්නේ ඇමෙරිකාවේ රැඳී සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් ඇමෙරිකාවෙන් පිටුවහල් කිරීමය.

වොෂින්ටනයේදීය (රොයිරේස්)


RECOMMEND POSTS