ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස ඒමි කොනී නම් කරයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට ඒමි කොනී බැරට්ගේ නම යෝජනා කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට ට්‍රම්ප් විසින් කවුරුන් නම් කරාවිදැයි යන්න සම්බන්ධයෙන් පසුගිය දින කීපය පුරා ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් පමණක් නොව, ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් අතර සෙනෙට් මණ්ඩලයේ වාද විවාද පවා හටගත්තේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට නම් කළ 48 හැවිරිදි ඒමි කොනී බැරට් ට එම ධුරය හිමිවන්නේ කොංග්‍රස් මණ්ඩලයේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) සහ සෙනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූවහොත් පමණි.

ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයේ පුරප්පාඩුවක් ඇති වූයේ දීර්ග කාලයක් එම ධුරය හෙබවූ රූත් බාඩර් ගින්ස්බර්ග්ගේ අභාවයයි.

පසුගිය සැප්තැම්බර් 18 වැනිදා, මියයන විට රූත් බාඩර් ගින්ස්බර්ග්ගේ වයස අවුරුදු 87 කි. ඇය වෙනුවෙන් විශේෂ ගුණ සැමරුමක්, ජනපති ට්‍රම්ප්ගේ මෙහෙයවීමෙන් ධවල මන්දිර උද්‍යානයේදී පැවැත්විණි. රූත්ගේ සැමියා සහ දරුවන් හත් දෙනා ඊට සහභාගී වූ බව ද පැවැසෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS