ට්‍රම්ප් රුසියාව සමඟ ගනුදෙනු කරලා නෑ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් 2016 ජනපතිවරණ සමයේ දී, සිය මැතිවරණ කටයුතු හරහා රුසියාව සමඟ ගනුදෙනු කළ බවටත් කුමන්ත්‍රණ කළ බවටත් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන වාර්තාව කොංග්‍රස් මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරුණි.

එම විමර්ශන වාර්තාවේ සඳහන් වූයේ ට්‍රම්ප් කිසිදු ආකාරයක අකටයුත්තක් සිදුකර නොමැති බවත්, රුසියාව සමඟ කුමන්ත්‍රණ කර නොමැති බවත්ය. එල්ල වූ එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පැවැත්වූයේ ඇමෙරිකන් නීතීඥ රොබට් මියුලර්ගේ නායකත්වයෙන් යුත් විශේෂ කවුන්සිලයකි.

2016 ජනාධිපතිවරණයට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රුසියානු පරිගණක හැකර්වරුන්ගේ මැදිහත් වීමක් සිදුවුණු බවටත්, ඔවුන් මැතිවරණ ප්‍රතිඵල වෙනස් කළ නිසා, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජනපතිවරණයෙන් ජය ගැනීමට හැකි වුණු බවටත් චෝදනා එල්ල වී තිබුණි. ට්‍රම්ප්ට එරෙහිව එම චෝදනා ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයයි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS