ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට බැණලා



ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මාධ්‍යවේදීන්ට බැණ වැදුණේය.

ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ විදයුත් සහ මුද්‍රික පුවත් ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් එම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ. ට්‍රම්ප් එම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් බණ වැදුණේ, ඔවුන් ඔහු ගැනත් ඔහුගේ පරිපාලනය ගැනත් ද්වේශසහගත අයුරින් අසත්‍ය පුවත් පළ කරන බව කියමිනි.

ධවල මන්දිරයෙන් නිකුත් කරන මාධ්‍ය නිවේදන හැර ට්‍රම්ප් පරිපාලනය විවේචනය කරමින් පළ කරන සෙසු සියලුම පුවත් ‘අසත්‍ය පුවත්’ ලෙස තමන් සලකන බව ජනපති ට්‍රම්ප් කියා සිටියේය. ට්‍රම්ප් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූයේ ඔහුගේ සහායකයන් නොමැතිවය. මාධ්‍යවේදීන් සෘජුව එල්ල කළ ප්‍රශ්නවලට ට්‍රම්ප් නොසැලී පිළිතුරු දුන්නේය.

 

(ඩේලිමේල්)


RECOMMEND POSTS