ට්‍රම්ප් ඩෙන්මාර්ක සංචාරය අවලංගු කරයි



ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් හටගත් අර්බුදය මුල්කොට ගනිමින්, සිය ඩෙන්මාර්ක සංචාරය අවලංගු කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත.

ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන දූපතකි. ලොව විශාලතම දූපත ලෙස සැලකෙන්නේ ද ග්‍රීන්ලන්තයයි.
ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට තමන් අපේක්ෂා කරන බවත්, ග්‍රීන්ලන්තය යනු ස්වභාවික සම්පත් බහුල, ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට සුදුසු තෝතැන්නක් බවත් ට්‍රම්ප් පසුගිය දා පවසා තිබුණි.

මෙම ප්‍රකාශයට ග්‍රීන්ලන්ත වැසියන්ගෙන් පමණක් නොව, ඩෙන්මාර්ක රජයෙන් ද විරෝධයක් එල්ල විය. ට්‍රම්ප් සිය ඩෙන්මාර්ක සංචාරය අහෝසි කිරීමට තීරණය කළේ ඒ අනුවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS