ට්‍රම්ප් ජපානයේ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිවු දින සංචාරයක් සඳහා ජපානයට පැමිණ සිටී. ට්‍රම්ප් සමඟ බිරිඳ මෙලානියා ද මෙම ජපාන සංචාරයට එක් වී සිටින බව පැවැසෙයි.

ජපාන ඇමෙරිකා වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් පමණක් නොව, උතුරු කොරියාව සහ චීනය සම්බන්ධයෙන් ද ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ ජපාන අගමැති ෂී ජින්පින් අතරේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා, ජපානයේ නරුහිතෝ අධිරාජයා හමුවීමට නියමිත බව පැවැසෙයි. නරුහිතෝ කුමරුන් අධිරාජයා බවට පත්වීමෙන් පසු ඔහු හමුවන පළමු විදෙස් නායකයා වන්නේ ට්‍රම්ප්ය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS