ට්‍රම්ප් ඉන්දියාවේ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ඉන්දියාව බලා පැමිණියේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අහ්මදාබාද් වල්ලභායි පාටෙල් ජා්‍යාන්තර ගුවන්තොටුපොළට පැමිණි ජනපති ට්‍රම්ප්, පිළිගත්තේ උණුසුම් ලෙස වැළඳ ගනිමිනි.

ජනපති ට්‍රම්ප් සමඟ බිරිඳ මෙලානියා, පළමු කසාදයේ දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා ජෙරාඞ් කුෂ්නර් ද මෙම ඉන්දීය සංචාරයට එක් වී සිටිති.

ඉවන්කා සහ ජෙරාඞ් ජනපති ට්‍රම්ප්ගේ උපදේශකවරුන් ලෙස කටයුතු කරති.

මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින ට්‍රම්ප්, ඇමෙරිකන් ජනාධිපති ලෙස ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී./රොයිටර්)


RECOMMEND POSTS