ට්‍රම්ප් සැලූට් දාලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර පැවැති ඓතිහාසික හමුව සම්බන්ධයෙන් විශේෂ වාර්තා වැඩසටහනක් උතුරු කොරියා ජාතික රූපවාහිනියෙන් තිරගත විය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා ද වන එරට හමුදා ප්‍රධානී දැක ඔහුට ආචාර (සැලූට්) කරන දසුන් පෙළක් ද එම වැඩසටහනට ඇතුළත් වෙයි. මේ සම්බන්ධයෙන් ඇමෙරිකානුවන් බොහෝ දෙනකුගෙන් විවේචන එල්ල වෙමින් පවතී.

කිසිවකුට ආචාර කිරීමට ඇමෙරිකා ජනාධිපතිවරයා බැඳී නැති බවත්, එසේ කිරීමට ඔහුට අවශ්‍ය නැති බවත් ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඇමෙරිකන් ජනාධිපතිට ඇමෙරිකන් හමුදා ප්‍රධානීන්ට පවා සැලූට් දමා ආචාර කිරීම අවශ්‍ය නොවන බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

උතුරු කොරියා ජාතික රූපවාහිනිය නිර්මාණය කරමින් විකාශය කළ  එම වාර්තා වැඩසටහන මිනිත්තු 42 ක එකකි. එම වාර්තා වැඩසටහන සකස් කර ඇත්තේ උතුරු කොරියා නායකයාගේ ගුණ වයමින්, ඔහුට ගෞරවයක් දෙමිනි.

චීනයෙන් ලැබුණු විශේෂ ගුවන් යානයෙන් සිංගප්පූරුවට ගොස්, සිංගප්පූරුවේ සැන්තෝසා දූපතේ කැපෙල්ලා හෝටලයේ දී ට්‍රම්ප් හමුවී සාකච්ඡා කිරීම සහ කිම් ජොන් උන් යළි උතුරු කොරියාව බලා පැමිණීම මෙම වැඩසටහනට ඇතුළත් වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS