ඥාතියෝ අයි.එස්. ත්‍රස්තයන්ට එක්වෙලා : පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටරේස් කියයි



තම ඥාතීන් කිහිප දෙනකුත් සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය සමඟ එක්වී සිටින බව තමන්ට දැනගන්න ලැබී ඇතැයි පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස් පවසයි.

ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ රැපෙලර් නමැති වෙබ් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වුණු අවස්ථාවේදීය. එම ඥාතීන් තමන්ට අසුවුවහොත්, ඔවුන්ට කිසිදු සමාවක් නොදෙන බවත් කෙලින්ම මරා දමන බවත් ජනපති ඩුටරේට්ස් වැඩි දුරටත් කියා සිටී.
අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් මැදපෙරදිග කලාපයට, බටහිර රටවලට පමණක් නොව, පිලිපීනයටත් තර්ජනයක් යැයි ඩුටරේස් එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් කියා සිටියේය.

 

(රොයිටර්)


RECOMMEND POSTS