ජෝර්දාන ලේඛකයා ඝාතනය කරලා



 

ඉස්ලාම් ආගමට අපහස කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කෙරෙන නඩු විභාගයකට පැමිණ සිටි ජෝර්දාන ලේඛක නෂීඞ් හතාර්ට වෙඩි තබා ඝාතනය කර ඇත. සමාජ ජාල ඔස්සේ ඉස්ලාම් දහමට අපහස වන ආකාරයේ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණි. 

එම අවස්ථාවේදීම තුවක්කරු අත්අඩංගුවට ගත් බව එරට රාජ්‍ය පුවත් සේවය වන පෙට්‍රා පුවත් සේවය වාර්තා කර තිබුණි. තුවක්කරු ජෝර්දාන අගනුවර සිටින 38 හැවිරිදි මුස්ලිම් දේශකවරයකු යැයි ද එම වාර්තාවල දැක්විණි.  

ලේඛක නෂීඞ් ක්‍රිස්තියානු ආගම අදහන්නකු වන අතර ඉස්ලාම් විරෝධී ක්‍රියාකාරිකයෙකි. ඔහු පසුගිය මාසයේදී සමාජ ජාල ඔස්සේ කළ අදහස් දැක්වීමක් නිසා අත්අඩංගුවට ගැනිණි.

කෙසේ වෙතත් ලෙබනනයේ ෂියා හිස්බුල්ලා සංවිධානය ලේඛක නෂීඞ්ගේ ක්‍රියාව නිර්භීත ක්‍රියාවක් යැයි හඳුන්වා දී තිබුණි. ‘ටක්ෆිරිස්වරුන්ට’ එරෙහිව නෂීඞ් ක්‍රියාකළ ඇගැයිය යුතුයි යනුවෙන් ඔවුන් පවසා තිබුණි. ‘ටක්ෆිරිස්වරුන්’ යනු අයි.එස් ත්‍රස්ත සංවිධානය වැනි සුන්නි මූලධර්මවාදීන් හැඳින්වීමට යොදාගන්නා නමකි. 

කෙසේ වෙතත් ජෝර්දානයේ මධ්‍යස්ථ මුස්ලිම්වරුන්ට ලේඛක නෂීඞ් ඝාතන ක්‍රියාව පිළිගත නොහැකි බව ප්‍රකාශ කර තිබුණි. දේශපාලන පසුබිමක් සහිත මෙවැනි ඝාතන ඇමෙරිකා සහාය හිමි ජෝර්දානයේ සිදුවන්නේ ඉතාමත් අඩුවෙන් යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් අසල්වැසි ඉරාකයේත් සිරියාවේත් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ජෝර්දානයේ ස්ථාවරත්වයට ද බලපෑම් එල්ල වී ඇත. 

ලේඛක නෂීඞ් සිරියාවේ ජනාධිපති බෂීර් අල් අසාද්ට සහාය දක්වන්නෙක් ලෙස ප්‍රකටය. ඔහුට නිකායවාදී ගැටුම් ඇති කරන බව ද මීට පෙර චෝදනා එල්ල වී තිබුණි.

 


RECOMMEND POSTS