ජුලියන් අසාන්ජ්ට සීමාසහිත ඉන්ටර්නෙට්



ඇමෙරිකාවේ අවශ්‍යතාව මත අත්අඩංගුවට ගැනීමට සැරැුසෙද්දී, ලන්ඩන් පොලිසියෙන් බේරී, ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ ආරක්ෂාව ලැබ වසර ගණනාවක් පුරාවට එහි රැඳී සිටින විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට, ‘සීමාසහිතව’ අන්තර් ජාල පහසුකම් ලබා දීමට එක්වදෝර් රජය කටයුතු කර ඇත.

ජුලියන් අසාන්ජ්, එක්වදෝර් රජයේ ආරක්ෂාන ලැබ ලන්ඩනයේ එක්වදෝර් තානාපති කාර්යාලයේ රැුඳී සිටින්නේ 2012 වසරේ සිටය. තානාපති කාර්යාලයේ රැුඳී සිටින හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීමට බි‍්‍රතාන්‍යයට නොහැකිය.

ජුලියන් අසාන්ජ් ඇමෙරිකාවේ උදහසට ලක් වූයේ ඇමෙරිකාවේ රාජ්‍ය සහ හමුදා රහස් ඔහුගේ විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙනි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS