ජීවිතාන්ත සිර දඬුවමක්



පාකිස්තාන මහ මැතිවරණයට, ‘මුස්ලිම් ලීගය’ පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂක හනීෆ් අබ්බාසි ට ජීවිතාන්ත සිර දඬුවමක් නියම වී ඇත.

අබ්බාසිට සිර දඬුවම් නියම කළේ, රාවල්පිණ්ඩි මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධ අධිකරණයයි. ඒ, වසර හයක් පැරැණි නඩු විභාගයක් යළි විභාගයට ගැනීමෙන් පසුව යැයි එරට පුවත් සේවා පෙන්වා දෙයි.

අබ්බාසි, හිටපු අගමැතිවරයකු මෙන්ම, දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, බන්ධනාගාරගත කළ නවාස් ෂරීෆ්ගේ සමීපතමයෙකි. රාවල්පිණ්ඩි වෙනුවෙන් මුස්ලිම් ලීගය පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටියේ අබ්බාසිය.

පාකිස්තාන මහ මැතිවරණය 25 වැනිදා පැවැත්වෙයි. ප්‍රතිවාදී ‘අවාමි මුස්ලිම් ලීගය’ පක්ෂයෙන් රාවල්පිණ්ඩි නියෝජනය කරන එම පක්ෂයේ නායක ෂෙයික් රෂීඞ්ට අභියෝග කළ හැකි ප්‍රබල චරිතයක් ලෙස පාකිස්තාන දේශපාලන විචාරකයන් අබ්බාසි හඳුන්වා දී තිබුණි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS