ජැබල් සෑම් අභියෝගතා 2017 ඇරඹේ



ලෝකයේ විවිධ රටවල්වල සිටින ත්‍රාසජනක අභියෝගතාකරුවන්ගේ කේනද්‍රස්ථානයක් ලෙස ඕමානය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලබන ජැබල් සෑම් අභියෝගතා 2017 අප්‍රේල් 28 දා  ආරම්භ වීමට නියමිතව ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

මෙම වැඩසටහනේ සම-සංවිධායකයින් ලෙස ඕමාන් සංචාරක අමාත්‍යාංශය සහ හසාක් ත්‍රාසජනක කණ්ඩායම සිය දායකත්වය ලබාදෙයි. 

ගල්ෆ් කලාපයේ ඇති උසම කන්ද වන මීටර් 3,000කට වඩා උස ජැබල් සෑම් හිදි අභියෝගතාවය ආරම්භ වන අතර විවිධ ජාතීන් සහ වයස් කාණ්ඩ වල අයත් පුද්ගලයින් සහභාගි වේ. 

පසුගිය තරඟය සදහා 200කට වඩා වැඩි තරඟකරුවන් සංඛ්‍යාවක් සහභාගි වු අතර මෙවර තරඟය සදහා වැඩි තරඟකරුවන් ප්‍රමාණයක් සහභාගි වනු ඇති බව හසාක් ත්‍රාසජනක කණ්ඩායමේ කළමණාකරු, අලී හුසේන් කියා සිටියේය. 

කඳු, තැනිතලා, මුහුදු වෙරළ සහ කාන්තාර වැනි ස්ථාන වල ත්‍රාසජනක ක්‍රියාකාරකම් වැඩි කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කර ඕමාන් රාජ්‍යය ක්‍රීඩාවේ සහ ත්‍රාසජනක ක්‍රීඩාවන් වල කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව කළමණාකරු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS